COLOMBO CONSUMER (PRIVATE) LIMITED

දුරුතු පුර පසළොස්වක පෝය – ශ්‍රී ලංකාද්වීපයට බුදු පහස ලැබුණු දවස
වසරේ එළඹෙන ප්‍රථම පෝය දිනය දුරුතු පුර පසළොස්වක පෝයයි. ලක්වැසි බෞද්ධ ජනතාවට මෙම දිනය අතිශය වැදගත් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ අද වැනි දිනක බැවිනි. බුද්ධත්වයෙන් නවවන මස දුරුතු පුර පසළොස්වක දිනක උන්වහන්සේ මහියංගනයට වැඩම කළේ මෙරට යක්ෂ සහ නාග ගෝත්‍රිකයන් අතර පැවති ගැටුම් නිරාකරණය කර සදහම් පණිවිඩය ලබා දීමටයි.
මෙහිදී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් උන්වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ලබාදුන් අතර, එය නිදන් කර මහියංගන චෛත්‍යය මුලින්ම ඉදිකිරීම මෙම පෝය දිනය හා බැඳුණු සුවිශේෂී සිදුවීමකි. එබැවින් දුරුතු පෝය යනු ලක්දිව බුද්ධ ශාසනයේ ආරම්භය සනිටුහන් කරන උතුම් දිනයකි.
මෙවන් උතුම් දිනයක ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන ඔබේ නිවසත්, සිතත් එකසේ සන්සුන් කරගැනීමට ‘නෙවන්’ (Nevan) සුවඳ කූරු දල්වා පූජනීය වටපිටාවක් නිර්මාණය කරගන්න. දුරුතු සීතල මැදින් හමා එන ‘නෙවන්’ සුවඳ ඔබේ ආගමික වතාවත්වලට මහත් වූ ආශිර්වාදයක් වනු ඇත.
